දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරය ආසන්නයේ පිහිටි නිවසක පැවැති සාදයකට එල්ල වූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (22) රාත්‍රියේ පුද්ගලයින් 14 දෙනෙකු එක්ව පවත්වමින් සිටි සාදයක් අතරතුර, එම ස්ථානයට කඩා වැදුණු ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් මෙම අනුකම්පා විරහිත වෙඩි තැබීම සිදුකර ඇත. ප්‍රහාරයෙන් 10 දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය අතර, තුවාල ලබා රෝහල්ගත කළ සිව්දෙනා අතුරින් එක් අයෙකු පසුපසින් මියගොස් තිබේ. මියගිය පිරිස අතර ගැබිනි කාන්තාවක් ද වන බව තහවුරු වී ඇත.
ප්‍රහාරයෙන් අනතුරුව පලා යාමට පෙර තුවක්කුකරුවන් විසින් මියගිය අයෙකුට අයත් මෝටර් රථයකට ද ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරෙන පිරිසක් ද මෙම සිදුවීමට මුහුණ දී ඇති බැවින් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් අතර පැවැති ආරවුලක් මෙයට හේතු වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

