බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය ඉන්දියාව දෙසට

0
5

බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී ඇති ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතිය නිසා ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොවුණද, ඊට ඇදී යන සුළං ප්‍රවාහ හේතුවෙන් ඉදිරි පැය 36 තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැක. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැක.

මීට අමතරව උතුරු-මැද පළාතට සහ මන්නාරමට වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු-මැද, වයඹ, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ යන ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40-50 දක්වා වූ තද සුළං තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ. එමනිසා ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here