දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවන තද වැසි

0
22

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වෙමින් පැවතියද, එමඟින් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල නොවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේ වෙතත්, මෙම පද්ධතිය දෙසට ඇදී යන සුළං ධාරා හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 40-50 දක්වා තද සුළං හමනු ඇත.

ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here