ශ්‍රී ලංකාවේ ඕනෑම ඡන්ද විමසීමකදී පහසුකම් අවම වීම හේතුවෙන් ඡන්දය භාවිතයේ අවස්ථා අහිමිවන ඡන්ද හිමියන් පිළිබඳ විද්වත් සාකච්ඡාවක් හෙට (නොවැම්බර් 03) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තමන් නියැලෙන වෘත්තියේ ස්වභාවය හේතුවෙන් මැතිවරණ දිනවලදී ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ වීමට නොහැකි වන ඡන්ද හිමියන් සැලකිය යුතු සංඛ්‍යාවක් රට තුළ සිටින බව පසුගිය මැතිවරණ සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වී ඇත. මෙවැනි තත්ත්වයන් මගින් රටේ පුරවැසියන් සැලකිය යුතු ප්රමාණයකගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමට ඇති අයිතිය අහිමි වන බව පෙන්වා දෙන සංවිධායකයින්, ලියාපදිංචි ඡන්ද හිමියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම රජයේ මූලික වගකීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු කිහිපයකින්ම තහවුරු කර ඇති බවද මතක් කර දෙයි.
වසර දෙකකට වැඩි කාලයක සිට පවතින මෙම සංවාදය කෙරෙහි රජයේ මෙන්ම විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලද අවධානය යොමු වී ඇති මොහොතක, අදාළ අරමුණ යථාර්ථයක් කර ගැනීම සඳහා සුදුසුම මොහොත මෙය බව අදාළ සංවිධායකයින් විශ්වාස කරයි.
මේ පිළිබඳව ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ විසින් සකස් කරන ලද විශේෂ වාර්තාව එළිදැක්වීම සහ එහි අන්තර්ගත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම අරමුණු කරගනිමින් මෙම විශේෂ සම්භාෂණය සංවිධානය කර ඇත.
-
දිනය: 2026 නොවැම්බර් 03 (අඟහරුවාදා)
-
වේලාව: පස්වරු 02:30
-
ස්ථානය: Waters Edge හෝටලය (AIBATROSS ශාලාව), බත්තරමුල්ල
මෙම අවස්ථාව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්, මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අදාළ ආයතන ප්‍රධානීන්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, සිවිල් සංවිධාන ප්‍රධානීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශේෂ පිරිසකට ආරාධනා කර ඇත.

