කඩිගමුව ආසන්නයේ යළිත් පස් කන්දක් කඩා වැටෙයි. උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

0
9

කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දෙන් අද (17) අලුයම යළිත් විශාල වශයෙන් දුම්රිය මාර්ගය දෙසට පස් සෝදාගෙන විත් තිබේ.

මේ හේතුවෙන් පොල්ගහවෙළ සිට ගම්පොළ බලා ධාවනය වන දුම්රියන් සහ ගම්පොළ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන්හි ගමන් ආරම්භ කිරීම ප්‍රමාද වන බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ ස්ථානයේ මීට පෙරද විශාල වශයෙන් පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකර තිබූ අතර, අලුයම සිදුවූ මෙම යළි පස් කඩාවැටීමත් සමඟ දුම්රිය මාර්ගයට වැටී ඇති පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here