එංගලන්තය සමඟ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

0
15

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දු රැකීමට සහ පන්දු යැවීමට තීරණය කළේය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් (නායක), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, එෂාන් මාලිංග, හසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංඛ යන ක්‍රීඩකයන්ගෙන් සමන්විතව ක්‍රීඩා බිමට පිවිසෙයි.

මේ අතර, එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් ටොම් බැන්ටන්, බෙන් ඩකට්, ජෝ රූට්, හැරි බෘෘක් (නායක), ජෝර්ඩන් කොක්ස්, සෑම් කරන්, විල් ජැක්ස්, ජෙමී ඔවර්ටන්, ගස් ඇට්කින්සන්, ලියම් ඩෝසන් සහ ජොෂ් ටං යන ක්‍රීඩකයෝ මෙම තරගයට එක්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here