ඉරානයට එරෙහිව අමෙරිකාව යළි ප්රහාර එල්ල කිරීමට සූදානම් වන බවට වාර්තා වීමත් සමඟ, ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල 3.1% කින් ඉහළ යමින් අමෙරිකානු ඩොලර් 112.20ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මීට අමතරව, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිලද 2.79% කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 99.86ක අගයක් සටහන් කර ගෙන ඇත.

