මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් නගර වෙත ක්රියාත්මක සියලුම ගුවන්ගමන් අත්හිටුවීමේ කාලය නොවැම්බර් මස 1 වන දින දක්වා දීර්ඝ කිරීමට ශ්රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.
මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තමන්ගේ ප්රමුඛතම වගකීම බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය පෙන්වා දෙයි. තවද, සාමාන්ය පරිදි වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට තරම් සුදුසු හා ආරක්ෂිත පරිසරයක් යළි තහවුරු වූ වහාම අදාළ ගුවන් ගමන් සේවා යථා තත්ත්වයට පත් කරන බවද ඔවුන් සඳහන් කර ඇත.
මෙම ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් බලපෑමට ලක්වන මගීන්ට අවශ්ය වැඩිදුර තොරතුරු සහ සහන සේවාවන් ලබා ගැනීම සඳහා ශ්රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 යන කෙටි දුරකථන අංකය ද, විදේශයන්හි සිටින මගීන්ට +94 11 777 1979 යන අංකය ද ඇමතීමෙන් හෝ WhatsApp ඔස්සේ +94 74 444 1979 අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන් තොරතුරු ලබාගත හැකි බව ශ්රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා සිටියි.

