ආරක්ෂක සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා Unitree සමාගමෙන් නවතම ‘H2-X’ මානවරූපී රොබෝවෙක්.

0
15

චීනයේ Unitree සමාගම විසින් ආරක්ෂක සහ මුදාගැනීමේ මෙහෙයුම් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන ලද ‘H2-X’ නම් නවතම මානවරූපී රොබෝ යන්ත්‍රයක් එළිදක්වා තිබේ.

‘Kung Fu Legend Guardian’ යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලබන මෙම රොබෝවරයා, ආරක්ෂක, මුර සංචාර සහ හදිසි මුදාගැනීමේ කටයුතු සඳහාම අනගි ලෙස ගැළපෙන අයුරින් සකස් කර ඇත.

ඉහළ මට්ටමේ චලන හැකියාවන්ගෙන් සහ භෞතික ශක්තියෙන් පරිපූර්ණ H2-X රොබෝවරයාට ආරක්ෂක සහ මුර සංචාර වැනි දීර්ඝ මෙහෙයුම්වල අඛණ්ඩව පැය 8කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී.

මිනිසෙකු මෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවට අමතරව, සටන් කලා ශෛලිය අනුකරණය කරන චලනයන් සහ ඕනෑම බාධකයක් පහසුවෙන් ජය ගැනීමේ විශිෂ්ට සමත්කමක්ද මෙම යන්ත්‍රය සතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here