අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

0
13

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව, මෙම බදු අඩු කිරීම අද (13) සිට ක්‍රියාත්මක වේ.

ඒ යටතේ ආනයනික හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 100ක බද්ද රුපියල් 10ක් දක්වාත්, උම්බලකඩ කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 202ක බද්ද රුපියල් 10ක් දක්වාත් විශාල ලෙස පහළ දමා ඇත.

මීට අමතරව, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද රුපියල් 50ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here