පුත්තලම් ජනතාවට සහනයක් අත්කරදෙමින් ‘රජයේ ඔසුසලක්’ ආරම්භ කිරීමට ඒකමතික අනුමැතිය

0
13

පුත්තලමේ ජනතාව වෙනුවෙන් ගුණාත්මක ඖෂධ පහසු සහ සාධාරණ මිලකට ලබා දීමේ අරමුණින්, පුත්තලම මහ නගර සභාවට අයත් පැරණි නගර සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ රජයේ ඔසුසලක් (State Osusala) ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට පුත්තලම මහ නගර සභාවේ 2026 නොවැම්බර් මාසයේ පැවති මාසික මහ සභා රැස්වීමේදී ගරු සභිකවරුන්ගේ පූර්ණ ඒකමතික අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, අදාළ ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාව ද ඇතුළත් කොටසක් රජයේ ඔසුසලක් පවත්වාගෙන යාම සඳහා වසර දෙකක කාලයකට බදු පදනම යටතේ ලබා දීමට මෙලෙස සභා සම්මත කර ඇත.

පුත්තලම් නගරයේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීම සහ ඔවුන්ට දැරිය හැකි මිලකට ඖෂධ ලබා ගැනීමට අවස්ථාව සලසා දීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වේ. මෙය හුදෙක් දේපළක් බදු දීමක් පමණක් නොව, මහ නගර සභාව සතු සම්පත් මහජනතාවගේ අත්‍යවශ්‍ය සුබසාධනය වෙනුවෙන් උපරිම අයුරින් ඵලදායී ලෙස යොදා ගැනීමේ තවත් සැමරිය යුතු සන්ධිස්ථානයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here