හෙල්ල විසි කිරීමෙන් ආසියානු රන් පදක්කම දිනූ රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබ පැතුම්

0
57

ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම වරට හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා දුන් රුමේෂ් තරංග ක්‍රීඩකයා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ.

සිය ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම ඓතිහාසික ජයග්‍රහණය තුළින් රුමේෂ් සමස්ත ජාතියම ආඩම්බරයට පත් කළ බවයි.

ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කරා යන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික වූ ජනාධිපතිවරයා, ක්‍රීඩා ලොව ඉහළම කඩඉම වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමේ රුමේෂ්ගේ ඉදිරි ගමනට ද සිය සුභාශිංසන පිරිනැමීය.