හිටපු ජනපතිගේ ආරක්ෂක නිලධාරියාට කැමරාවෙන් පහරදුන් මාධ්‍යවේදියා අත්අඩංගුවට

0
18

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙකුට සිය කැමරාවෙන් පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියා අද (01) කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය කළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයෙකු ද සමග පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැති නඩු කටයුත්තක් අතරතුර, මෙම කැමරා ශිල්පියා ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් සැරයන් ඒ. එච්. මහේෂ් රන්ජන් මහතාට සිය කැමරාවෙන් පහරදෙන අයුරු අසල සිටි සසු සඡීවී කැමරාවල සටහන්ව තිබූ අතර, එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය විය. පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here