නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී රථයක් ළඟ තබාගැනීමේ චෝදනාවට ඇප මත පසුවන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ලබන ඔක්තෝම්බර් 28 වනදා විභාගය සඳහා අවසන් වරට කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) නියෝග කළේය.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිටි අතර, සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙන්වා දුන්නේ මෙය මෝටර් රථ ආඥා පනත යටතට අයත් වන්නක් බවයි.

