ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 30 වනදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියහ.

