“හයිය” තරුණ සංවිධානයේ පාසල් උපකරණ බෙදාදීමේ පස්වෙනි අදියර සීගිරිය – උඩවෙලයාගම කණිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව නිමා වෙයි.

0
2

“හයිය” තරුණ සංවිධානය පස්වෙනි වතාවටත් දුෂ්කර පාසල් ළමුන් සඳහා වසරකටම අවශ්‍ය පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ (28) දින මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය, උඩවෙලයාගම කණිෂ්ඨ විද්‍යාලයේදී සිදු කෙරිණි.

මෙවර එම පාසලේ සිසු දරුවන් 160 දෙනෙකු සඳහා වසරකටම අවශ්‍ය පාසල් උපකරණ ලබා දෙන ලදී.

ස්වේච්ඡා සංවිධානයක් වන මෙම සමූහයේ සියලු ආගමික මිතුරු මිතුරියන් සිටින අතර, මොවුන් විසින් මේ සද්කාර්ය කරගෙන යනු ලබයි. සෑම වසරකම දුෂ්කර ප්‍රදේශයක පිහිටි පාසලක් තෝරාගෙන එහි සිටින සියලුම ළමුන් සඳහා වසරකටම අවශ්‍ය කරන සියලුම පාසල් උපකරණ ලබාදීම නොකඩවා වසර හතරක් තිස්සේ මොවුන් විසින් සිදු කරගෙන පැමිණ ඇති අතර අද එහි පස්වන අදියරද මෙලෙස සාර්ථකව නිමා කරන ලදී.

මෙහි ජාතික කැඳවුම්කරු ලෙස එන්.එම්. නස්රාන් මහතා කටයුතු කරන අතර, සභාපතිවරයා ලෙස ආදිල් අහමඩ් මහතාත්, භාණ්ඩාගාරිකවරයා ලෙස විසල් ද සොයිසා මහතාත් කටයුතු කරනු ලබයි.

මෙම කටයුත්ත සඳහා දිවයිනේ විවිධ ස්ථානවල සිටින මොවුන්ගේ මිතුරු මිතුරියන් අනුග්‍රාහකත්වය දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here