හයිපර්සොනික් මිසයිලවලින් සමන්විත රුසියාවේ පළමු න්‍යෂ්ටික සබ්මැරීනය පුටින් අතින් එළිදකී

0
4

හයිපර්සොනික් මිසයිලවලින් සමන්විත නව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා විසින් නිල වශයෙන් එළිදක්වා තිබේ.

රුසියාවේ සෙවරොඩ්වින්ස්ක්හි පිහිටි සෙව්මාෂ් නෞකා නිෂ්පාදනාගාරයේදී ඊයේ (27) පැවති නාවික ධජය එසවීමේ විශේෂ උත්සවයකදී මෙම සබ්මැරීනය නාවික හමුදාවට එක් කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Yasen-M පන්තියට අයත් ‘Perm’ නමැති මෙම සබ්මැරීනය, රුසියාවේ අති නවීන සර්කෝන් (Zircon) හයිපර්සොනික් මිසයිල පද්ධතියෙන් සමන්විත පළමු සබ්මැරීනය වීම විශේෂත්වයක් බව මොස්කව් පාලනය සඳහන් කරයි.

මීට අමතරව, සිය නාවික බලඇණියේ ශක්තිය තවදුරටත් තහවුරු කර ගැනීමේ අරමුණින් 2030 වසර වන විට මෙවැනිම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන තවත් සබ්මැරීන පහක් සේවයට එක් කිරීමට රුසියාව සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here