1983 ‘කළු ජූලිය’ පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

0
1

1983 ‘කළු ජූලිය’ ඛේදනීය සිදුවීම සහ ඉන් ඇති වූ බලපෑම් පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාව සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත වන අතර, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන ලදී.

මෙම විශේෂ කාරක සභාව මගින් ‘කළු ජූලිය’ සිදුවීමෙන් සිදු වූ බලපෑම් පිළිබඳව සවිස්තරාත්මකව අධ්‍යයනය කර වාර්තා කිරීමට නියමිතය.

ඊට අමතරව, රට තුළ ජාතික සහජීවනය තහවුරු කිරීම සහ එම සිදුවීමෙන් පීඩාවට පත් පිරිස් වෙත සහන සැලසීම සඳහා වන සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම ද මෙම කාරක සභාවට පැවරී ඇති බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here