ඊයේ (17) රාත්‍රියේ අතුරුගිරිය, හබරකඩ, මුල්ලේගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවට පොලීසිය පවසයි.
ඔවුන් සිදු කල මුලික විමර්ශන වලදී හෙළිව ඇත්තේ විදෙස්ගතව සිටින අපරාධ කල්ලි සමාජිකයෙකු බව කියන හබරකඩ කසුන්ගේ ඥාති සහෝදරයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවය.
සිදුවු මෙම වෙඩිතැබීමෙන් 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.
වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි හඬවල් තුනක් පමණ ඇසුණු බවත් වෙඩි තබා ඒත් සමඟම වෙඩික්කරුවන් පලාගිය බවත් වෙඩිතැබීම සිදුවු ස්ථානයේ අසල්වාසීන් පැවසීය.
අතුරුගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

