සෞදියේදී මරණ දඬුවමෙන් නිදහස් වූ අනෝජන් සිවරාසා හමුවීමට ශ්‍රී ලංකා තානාපතිවරයා බන්ධනාගාරයට යයි

0
14

සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුව, නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර නඩුව නැවත විභාග කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව, දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසා හමුවීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ඊයේ (27) කටයුතු කළේය.

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙම හමුවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධිකරණ ක්‍රියාපරිපාටිය පිළිබඳව අනෝජන් සිවරාසා දැනුවත් කිරීමටත්, ඔහුට අවශ්‍ය ඉදිරි නීතිමය හා තානාපති සහාය ලබා දීම පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.

සෞදි අරාබියේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ නීතිමය පටිපාටියට පූර්ණ ගෞරවය දක්වන බව මෙහිදී ප්‍රකාශ කළ තානාපති අමීර් අජ්වාඩ් මහතා, ඉදිරි නඩු විභාගයන් සඳහා සිවරාසා, ඔහුගේ නීතිඥ මණ්ඩලය සහ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

එසේම, අනෝජන් සිවරාසා බන්ධනාගාරගත කර සිටින කාල සීමාව තුළ ඔහුගේ සුභසාධනය වෙනුවෙන් දැක්වූ කැපවීම සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දුන් නිරන්තර සහයෝගය වෙනුවෙන් තානාපතිවරයා සෞදි බන්ධනාගාර බලධාරීන් වෙත සිය කෘතඥතාව පළ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here