පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමි වී තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ඊයේ (26) රාත්රියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පැතුම්ගේ වම් පාදයේ කලවා ප්රදේශයේ හටගත් ආබාධ තත්ත්වයෙන් ඔහු තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බවයි. ඒ හේතුවෙන්, ඔහුගේ ආදේශකයා ලෙස ළහිරු උදාර කණ්ඩායමට කැඳවීමට ක්රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. මේ වන විටත් ඔහු එක්දින සංචිතයේ සාමාජිකයෙකු ලෙස පාකිස්තානයේ රැඳී සිටියි.
නව නායක කුසල් මෙන්ඩිස්ගේ ප්රධානත්වයෙන් යුත් ක්රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා ටෙස්ට් සංචිතය මීට පෙර නම් කර තිබූ අතර, කුසල් මෙන්ඩිස් ටෙස්ට් නායකත්වයට පත්වීමෙන් පසු ක්රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලිය මෙය වීම විශේෂත්වයකි.
ශ්රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය එළඹෙන නොවැම්බර් 9 වැනි දින රාවල්පිණ්ඩි නුවරදී ආරම්භ වීමට නියමිතය.

