යේමනයේ හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ අභා සහ රියාද් අගනුවර පිහිටි කිං කාහ්ලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි සිවිල් ගුවන් සේවා සාමාන්‍ය අධිකාරිය නිවේදනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, අභා ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා ඇති අතර, කිං කාහ්ලිඩ් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් අයෙකු මියගොස් 8 දෙනෙකු තුවාල ලබා ඇත.
මේ වන විට තුවාල ලැබූවන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙනු ලබන අතර, ගුවන්තොටුපළ පහසුකම්වල ආරක්ෂාව තහවුරු කරමින් මගීන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර අදාළ අංශ සමඟ එක්ව ගනිමින් සිටින බව සෞදි බලධාරීන් පවසා තිබේ.

