පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරුන් 10 දෙනෙකුට එළැඹෙන ඔක්තෝබර් 06 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේකර මහතා නොතීසි නිකුත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඉදිරිපත් කළ මෝසමක් මගින් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
සුරේෂ් සලේ මහතාගේ හෘද වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය කිරීම සඳහා විශේෂ උපකරණයක් සවිකර ඇති බවත් වෛද්‍ය මණ්ඩල වාර්තාව පදනම් කරගනිමින් පසුගියදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වී තිබුණි.

