‘සිවුරට යුක්තිය’ පාද යාත්‍රාව අද (12) තෙවන දිනට කෑගල්ලෙන් ආරම්භ වේ

0
17

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මුදාගැනීම වෙනුවෙන් මෙන්ම භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් තහවුරු කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇති ‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව’ අද (12) තෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

ඒ අනුව, අද දිනයේ මෙම පාද යාත්‍රාව කෑගල්ලෙන් ආරම්භ වී වරකාපොළ නගරය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් පසුගිය 10 වන දින ආරම්භ වූ මෙම පාද යාත්‍රාව, පළමු දිනයේදී කඩුගන්නාව දක්වා ගමන් කර නිමාවට පත්විය. අනතුරුව, දෙවන දිනය වූ ඊයේ (11) දින කඩුගන්නාවෙන් පිටත් වූ සංඝරත්නය ඇතුළු පිරිස කෑගල්ල දක්වා සාර්ථකව පාගමනින් පැමිණියහ.

මෙම පාද යාත්‍රාව ඉදිරි දිනවලදී වරකාපොළ, නිට්ටඹුව සහ කඩවත ආදී නගර පසුකරමින් ගමන් කර, ලබන 15 වන දින කොළඹ නගරය වෙත ළඟා වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here