ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (13) දිනයේදී අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ හේතුවෙන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට නිකුත් කරනු ලබන නිවේදන සහ අනාවැකි පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ඔවුන් ධීවර සහ නාවික ප්‍රජාවට දැඩි ලෙස කාරුණිකව දන්වා සිටියි.
දිවයින වටා වන සමුද්‍රීය ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ද වාර්තා වේ. මෙම ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ විවිධ දිශාවලින් පැයට කිලෝමීටර් 20ත් 30ත් පමණ සාමාන්‍ය වේගයකින් හමා එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය හදිසියේම පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි අතර, එවැනි අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

