ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ කාන්තා විනිසුරුවරියන්ට අවස්ථාවක් නෑ – නිදහසේ කාන්තාවෝ සංවිධානය

0
6

ලංකාවේ ඉහළ උසාවි සම්පූර්ණයෙන්ම පාහේ පුරුෂ පාර්ශවයෙන් පුරවලා තියෙනවා.  කාන්තාවන්ට දැන් දැන් එහි ඉඩක් ඇත්තේම නැති තරම්. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ දැන් විනිසුරුතුමන්ලා 29 ක් සේවය කරනවා.  එයින් එකම එක කාන්තා විනිසුරුවරියයි ඉන්නේ.  ලංකාවේ පළාත් සහ රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සම අවස්ථා තියෙනවා. හැබැයි අධිකරණ කේෂ්ත්‍රයේ විනිසුරුවරියන්ට ඉඩ හොඳමට සීමා කරලා තියෙනවා යැයි ‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානයේ කැඳවුම්කාරිනී සුවන්ති වීරසේකර පවසයි.

ඊයේ (අගෝස්තු 16) කුරුණෑගල පැවති රැස්වීමක් අමතමින් වීරසේකර මහත්මිය ප්‍රකාශ කළේ, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 17 ක් සිටිය යුතු නමුත්,  දැනට සේවයේ යෙදෙන්නේ 13 දෙනෙකු පමණී.  හැබැයි බො‍හෝ දෙනා කතා කරන්න අකමැති කාරණය තමයි, අද ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහන්නේ එකම එක කාන්තා විනිසුරුවරියක් පමණයි කියන එක.  ශ්‍රේෂ්ඨාධිකණයේ කාන්තාවට තියෙන්නේ 7.6.% ක් පමණයි.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන ගත්තාම අභියාචනාධිකරණය විනිසුරුවරියන්ට තනිකරම ඛේදවාචකයක්.  සේවයේ යෙදිය යුතු විනිසුරුවරුන් 20 න් දැන් ඉන්නේ විනිසුරුවරුන් 16 ක් විතරයි. එකම කාන්තා විනිසුරුවරියක් වත් නෑ (0%).

අධිකරණ විනිසුරුවන් ගැන සමාජ කථිකාවක් සිද්ධ වෙන අවස්ථාවක වුනත් කිසිම පාර්ශවයකින් මේ කතාව කියන්නේ නෑ. ජනතාව අතර මතයක් තියෙනවා, අධිකරණ කේෂ්ත්‍රය ලොකු පුටු කාන්තාවන්ට ඇකැපයි කියලා. එකේ සත්‍යතාවයක් නැතුවාම නෙවෙයි. උදාහරණයකට  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) ඉතිහාසයේ මෙතෙක් කිසිදු කාන්තාවක් සභාපති තනතුරට පත් වෙලා නෑ.

මේ තත්වය ඉහළ උසාවියට පමණක් සීමා වෙලා නෑ. 2021 වසරේ දත්ත අනුව මහාධිකරණ, වානිජ්‍ය මහාධිකරණය, සිවිල් අභියාචනා මහාධිකරණයන් හි කාන්තා විනිසුරුවරියන් හිටියේ 21.2% යි. දිසා අධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණයන් හි කාන්තා විනිසුරුවරියන් සිටියේ 34.8% ක් විතරයි.  ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම නොකර ඉදීමෙන් රටටම අගතියක් වෙනවා. විශේෂයෙන්ම නීති කේෂ්ත්‍රයේ බැබලෙන කාන්තාවන්ට බලවත් අසාධාරණයක් වෙනවා.    මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය මගින් තහවුරු කර ඇති සමානාත්මතාවයේ අවස්ථාව, ‍ඔවුන්ගේ පත්වීම් බලධරයා විසින් මේ වන විටත් අහිමි කරලා තියෙනවා.

අගවිනිසුරු ප්‍රමුඛ ඉහළ උසාවිවල විනිසුරුවන් කිහිප දෙනෙකුට සේවා දිගුවක් දෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන ආණ්ඩුව, කිසිම වියදමක් නැතුව නීත්‍යානුකුලව කරන්න පුළුවන් අවම දේවල් ටික වත් කරන්නේ නෑ. අධිකරණ සේවය අද පවතින තත්වයෙන් වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම විනිසුරුවරුන් අතර ‘ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පරතරය’ අවම කිරීමට වත් පියවර ගත යුතු යැයි නිදහසේ කාන්තාවෝ කැඳවුම්කරු සුවන්ති වීරසේකර පැවසූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here