ශ්‍රී ලංකා පිරිමි සත්සාමාජික රග්බි කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු සහ ප්රමුඛ පෙළේ ක්‍රීඩකයෙකු වන ෆසිල් මරීජා පත් කර තිබේ.
ඉදිරි ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් මෙම පත්වීම සිදු කළ බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. පූර්වයෙන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය සහ මහනුවර ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති මරීජා, දේශීය රග්බි පිටියේ බහුල අත්දැකීම් සහිත පුහුණුකරුවෙකි.

