ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නියායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
ඔහුට හිමිවන පළමු පැවරුම වන්නේ ඉදිරියේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියයි.
කුසල් මෙන්ඩිස් ටෙස්ට් තරග 75ක් සහ සියලුම ආකෘති යටතේ ජාත්‍යන්තර තරග 343ක් නියෝජනය කර ඇත.

