අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Al Ameri මහතා අතර නිල හමුවක් අද අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදුන් සහයට ස්තූතිය පළකළ අග්‍රාමාත්‍යවරිය වෙත, එළැඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජල සමුළුව සඳහා සහභාගී වන ලෙස තානාපතිවරයා විසින් නිල වශයෙන් ආරාධනා කරන ලදී.
මෙහිදී ජල සුරක්ෂිතතාව, නිපුණ ශ්‍රමික සංක්‍රමණය, වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය මෙන්ම කෘෂිකාර්මික තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව ද දෙපාර්ශ්වයේම දැඩි අවධානය යොමු විය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් සේවා ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැමැත්තෙන් පසුවන බවත්, ශ්‍රී ලංකාව කලාපීය ගුවන් යානා නඩත්තු මධ්‍යස්ථානයක් (Regional Aviation Maintenance Hub) බවට පත්කිරීමේ විශාල හැකියාවක් පවතින බවත් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

