වියළි කාලගුණයෙන් පළාත් හතරක ජනතාවට සහ ගොවිතැනට දැඩි බලපෑම්

0
11

දිගින් දිගටම පවතින වැසි රහිත වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වල ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති. ජල හිඟය උග්‍රවීම නිසා එම ප්‍රදේශවල දෛනික ගොවිතැන් කටයුතු පවා සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති මෙම දැඩි නියං තත්ත්වය හේතුවෙන් කුඹුරු වගාවන් විනාශ වීමේ අවදානමක් මතුව ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් ජලය නොමැති කමින් තමන්ගේ අස්වැන්නට දැඩි හානි සිදුව ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලට පෙර මෙම ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here