ඩොල්ෆින් සුළි කුණාටුවෙන් Zhejiang පළාතට හානි. චීනයෙන් යුවාන් මිලියන 200ක හදිසි සහනාධාර

0
9

පසුගිය 9 වැනිදා රාත්‍රියේ චීනයේ Zhejiang පළාතේ Yuhuan සහ Yueqing යන නගර හරහා හමාගිය “ඩොල්ෆින්” සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයට දැඩි හානි සිදුව තිබේ.

මෙම ආපදා තත්ත්වය හමුවේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ උපදෙස් හා “ජාතික ස්වාභාවික ආපදා සහන හදිසි සැලැස්ම”ට අනුකූලව, හානියට පත් ප්‍රදේශ නැවත පිළිසකර කිරීම සඳහා චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම මධ්‍යම අයවැයෙන් චීන යුවාන් මිලියන 200ක හදිසි ප්‍රතිපාදන වෙන් කර ඇත.

තත්ත්වයේ බරපතලකම සැලකිල්ලට ගනිමින් චීන බලධාරීන් විසින් ඊයේ (10) IV වන මට්ටමේ ජාතික හදිසි ප්‍රතිචාරය ද සක්‍රීය කිරීමට පියවර ගන්නා ලදී.

මීට අමතරව, චීන ජල සම්පත් අමාත්‍යාංශය විශේෂ රැස්වීමක් කැඳවමින් කුණාටුවේ ඉදිරි ප්‍රවණතා, බලපෑම් මෙන්ම ඉදිරියට මතුවිය හැකි ගංවතුර සහ අධික වර්ෂාපතන අවදානම් පාලනය කිරීම සඳහා වන විශේෂ ක්‍රියාමාර්ග ද සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here