විදේශිකයෙකුට කොත්තු රොටියක් වැඩි මිලට විකිණීමට සූදානම් වූ වෙළෙන්දා අත්අඩංගුවට

0
199

NEWSNOW| – කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට වැඩි මිලට කොත්තු රොටියක් විකිණීමට ගොස්  පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියට සම්බන්ධ වෙළඳසල් හිමියා කෙසෙල්වත්ත පොලීසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

එම විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ අවස්ථාවේදී වෙළඳ සල් හිමියා රුපියල් 1900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළඳ සල් හිමියා මෙලෙස ඔහුට මේ ආකාරයට බැන තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය විය.

මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

පොලිසිය එම වීඩියෝ පදනම් කරගෙන විමර්ශන අරඹා සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.