විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට හෙට සිට ඔන්ලයින් ක්‍රමයට

0
13

එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයදුම්කරුවන් හෙට (29) සිට අන්තර්ජාලය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව, අදාළ සේවාවන් ලබාගැනීම සඳහා පැමිණීමට පෙර අන්තර්ජාලය හරහා නිසි පරිදි වේලාවක් වෙන්කරවාගෙන, එම නියමිත වේලාවට පමණක් ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here