ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ ඇති අතර, මේ වන විට එය ඩොලර් 99කට වඩා අඩු අගයකට ගනුදෙනු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවැති අතර, ඊට සාපේක්ෂව මෙම පහත වැටීම වාර්තා වේ.
මීට අමතරව, පසුගිය සතියේ ඩොලර් 105 ඉක්මවා තිබූ අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ද මේ වන විට ඩොලර් 90 සීමාවෙන් පහළට සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

