එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුර අමෙරිකාව සහ ඉරානය අතර රහසිගත වක්‍ර සාකච්ඡා වටයක්

0
16

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව අමෙරිකාව සහ ඉරානය අතර මැදිහත්කරුවන් හරහා දීර්ඝ වක්‍ර සාකච්ඡා වටයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසන්නේ දවස පුරා පැවැති මෙම සාකච්ඡාවල එක් අදියරක් සාර්ථකව නිමා කිරීමට හැකි වූ බවයි.

මෙම හමුව සිදු වූ බව ඉරාන පාර්ශ්වය ද තහවුරු කර ඇති අතර, පැවැති සාකච්ඡාවලදී අවධානය යොමු වූ කරුණු හෝ එළඹි එකඟතාවන් පිළිබඳ තොරතුරු මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here