රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්

0
24

රට තුළ ඇතිවිය හැකි ආර්ථික කම්පනවලට සාර්ථකව මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ අතර, මේ සඳහා විශේෂ කමිටුවක්ද පත් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

රට තුළ පවතින මූල්‍ය තත්ත්වය සහ රාජ්‍ය සේවයේ වත්මන් ස්වභාවය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා, දේශපාලන පත්වීම් හේතුවෙන් රාජ්‍ය සේවයේ පහළ මට්ටම් පිරී ගොස් ඇති අතර වෘත්තීමය සේවාවන් තුළ පුරප්පාඩු රැසක් මතුවී ඇති බව පෙන්වා දුන්නේය. බාහිර ආර්ථික කම්පනයකට මුහුණ දීමේ ශක්තිය තවමත් රට තුළ සම්පූර්ණයෙන්ම වර්ධනය වී නොමැති බැවින්, ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි කිරීම වත්මන් රජයේ අරමුණ බව ඔහු අවධාරණය කළේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, 2027 වසරේදී මූලික වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 110ක මුදලක් අවශ්‍ය වන බැවින් මෙවර අයවැයෙන් දීමනා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි. එසේම, 2028 වසරේදී මූලික වැටුප් වැඩි නොවන නමුත්, වෘත්තිකයන් රාජ්‍ය සේවය තුළ රඳවා ගැනීමට අත්‍යාවශ්‍ය වන දීමනා ලබාදීමට විශාල අවධානයක් යොමු කරන බවද හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here