විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පිරිසක් අධිකරණයට

0
28

සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්‍යානය අසල සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් අද (23) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය වෙත වැඩම කළහ.

විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට ඇති බුදුපිළිමය අසල පරිශ්‍රය මෙන්ම ඒ ආසන්නයේ පිහිටි තවත් ස්ථාන සහ මාර්ග කිහිපයක අඛණ්ඩව රැඳීසිටීමෙන් වළකින ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය සම්බන්ධයෙන් මෝසමක් මඟින් කරුණු වාර්තා කිරීම සඳහා ඔවුහු මෙලෙස අධිකරණයට පැමිණියහ.

මෙම අවස්ථාව සඳහා මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, පූජ්‍ය තීනියාවල පාලිත හිමි සහ පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු තවත් භික්ෂූන් වහන්සේ පිරිසක්ද වැඩම කර සිටියහ.

පසුගිය දින (22) පස්වරුවේ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් සත්‍යග්‍රහය පැවති විහාරමහාදේවි උද්‍යානය වෙත පැමිණ අදාළ අධිකරණ නියෝගය භාරදෙනු ලැබීය. කෙසේවෙතත්, උද්‍යාන පරිශ්‍රයෙන් ඉවත්වන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබුණද, භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස තවදුරටත් එම ස්ථානයේම රැඳී සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here