යෝෂිත රාජපක්ෂගේ නඩුවක් විභාගය කල් යයි

0
17

රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් මිලදී ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවූ අතර, ඇප මත සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියේය.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් මෙලෙස සාක්ෂි විභාගය කල් තැබීමට මහාධිකරණය තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here