විභාග අක්‍රමිකතා සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුල් කරගනිමින් පසුගිය ජූලි මාසයේදී ඉන්දියාව පුරා දැවැන්ත විරෝධතා පැවැත්වූ ‘කැරපොතු ජනතා පක්ෂය’ නමැති තරුණ ව්‍යාපාරය, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජයට පීඩනය එල්ල කරමින් නැවතත් විරෝධතා මාලාවක් ආරම්භ කර තිබේ.
ඡන්ද හිමි නාමලේඛන මතභේදාත්මක ලෙස සංශෝධනය කිරීමට එරෙහිව ප්‍රකාශ කර සිටින ඔවුන්, ඉන්දීය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව බලකර සිටී.
අද (02) මුම්බායි නගරයෙන් ආරම්භ කළ මෙම දැවැන්ත විරෝධතාව ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාව පුරා ව්‍යාප්ත කරන බවට ද අදාළ තරුණ ව්‍යාපාරය අනතුරු අඟවා ඇත.

