යේමන රජයෙන් රතු මුහුදු තීරයේ දැවැන්ත හමුදා මෙහෙයුමක්

0
10

ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් විසින් පසුගිය මාසයේදී අත්පත් කරගන්නා ලද ප්‍රදේශ යළි අත්පත් කර ගැනීමේ අරමුණින්, බබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ සිට මොකා නගරය දක්වා වන රතු මුහුදු තීරයේ දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සෞදි සහය ලබන යේමන රජය පවසයි.

මෙම මෙහෙයුම් හමුවේ රතු මුහුදු තීරයේ වැඩි ප්‍රදේශයකින් හූති කැරලිකරුවන් පලවා හැරීමට තම හමුදාවන්ට හැකි වූ බවද යේමන බලධාරීන් සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබියේ රියාද් නුවර කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, රබිග් හි ඇරම්කෝ තෙල් පිරිපහදුව, අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ කමීස් මුෂෙයිට් හමුදා කඳවුර ඇතුළු ප්‍රධාන ස්ථාන කිහිපයකට තමන් ප්‍රහාර එල්ල කළ බව හූති කැරලිකරුවන් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here