ඉතාලිය, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය ඇතුළු රටවල පාසල් වෙත ලැබුණු ව්‍යාජ බෝම්බ තර්ජන හේතුවෙන් යුරෝපය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මතු වී තිබේ.
මෙම තර්ජනාත්මක පණිවිඩ හමුවේ ආරක්ෂක පියවරක් ලෙස ඉතාලියේ පාසල් 300කට අධික සංඛ්‍යාවක සිටි සිසුන් වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළේය. හදිසියේ සිසුන් ඉවත් කිරීම නිසා දරුවන් කැඳවාගෙන යාමට පැමිණි දෙමාපියන් දැඩි අපහසුතාවලට මුහුණ දුන් බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම බෝම්බ තර්ජනවලින් කිසිදු සැබෑ අනතුරක් නොමැති බව ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි ප්‍රකාශ කළ අතර, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මේ වන විටත් තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව ඇය සඳහන් කළාය.
මීට අමතරව, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ අයර්ලන්තයේ පාසල් වෙතද මෙවැනිම තර්ජනාත්මක ඊමේල් පණිවිඩ ලැබී තිබුණද, ඒවා ව්‍යාජ ඒවා බව අදාළ බලධාරීන් විසින් තහවුරු කරගනු ලැබීය. ඒ හේතුවෙන් එම පාසල් වසා දැමීමකින් තොරව සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට පියවර ගෙන තිබුණි.
මෑතකදී යුරෝපීය රටවල පාසල් සහ විවිධ ආයතන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වූ සයිබර් ප්‍රහාර සහ තර්ජන රැල්ලක තවත් එක් දිගුවක් ලෙස මෙම සිදුවීම සැලකේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන ආකාරයට, ඉතාලියේ පාසල් වෙත මෙම ඊමේල් පණිවිඩය එවා ඇත්තේ ‘විලායත් ඔෆ් මිසෝජිනිස්තාන්’ හි නායකයා ලෙස හැඳින්වෙන මිහායිල් අන්ද්‍රොපොව් නැමැත්තාය. මීට පෙර අයර්ලන්තයේ සහ බල්ගේරියාවේ මාධ්‍ය ආයතන වෙත යවන ලද තර්ජනාත්මක පණිවිඩවල වගකීමද මෙම පුද්ගලයා විසින්ම භාරගෙන තිබීම විශේෂත්වයකි.

