මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

0
12

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර, එම ඉල්ලා අස්වීම අද (14) සිට බලපැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තියට ප්‍රකාරව දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here