2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ යළි විභාගයට ගැනිණි.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, විත්තියේ නීතිඥවරුන් විසින් ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කරනු ලැබීය. වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

