මන්නාරම දිස්ත්‍රික් මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් අද ඇරඹෙයි

0
4

මන්නාරම දිස්ත්‍රික් මූලික රෝහලේ ඉන්දීය රජයේ රුපියල් මිලියන 600ක මූල්‍ය ආධාර සහිතව ඉදි කෙරෙන නව හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ සිදු විය.

මන්නාරම ජනතාවගේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් හා යටිතල පහසුකම් පුළුල් කරමින් කඩිනම් සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ආරම්භක උත්සවයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here