මන්දගාමී පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ICC යෙන් තරග ගාස්තු දඩයක්. එංගලන්තය සමග දෙවන එක්දින තරගය අද

0
19

එංගලන්තයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේදී මන්දගාමී ලෙස පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ.

නියමිත කාලසීමාව තුළ පන්දුවාර 3 ක් අඩුවෙන් යැවීම නිසා පිටියේ විනිසුරුවන්ගේ නිර්දේශ මත තරග තීරක ජෙෆ් ක්‍රෝ විසින් මෙම දඩය නියම කර ඇත.

තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 1-0 ක් ලෙස දැනට එංගලන්තය පෙරමුණේ පසුවන අතර, දෙරට අතර දෙවන එක්දින තරගය අද පස්වරු 5.00 ට ආරම්භ වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here