ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය මුළුමනින්ම තුරන් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් විධිමත් කිරීමේ අරමුණින් සකස් කළ නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මෙම නව පනත හරහා ජලභීතිකා මර්දන ජාතික හා ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම, වාණිජ අභිජනන කටයුතු නියාමනය සහ සුනඛයන් ලියාපදිංචිය විධිමත් කිරීමට නියමිත අතර, මීට අදාළව පැවැති පැරණි ජලභීතිකා ආඥාපනත සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත අහෝසි කෙරෙනු ඇත.
මෙම පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙට (25) දිනයේදී සිදු කිරීමට නියමිතය.

