බොරැල්ල ඩී. එස්. සේනානායක මංසන්ධියේ මාර්ග කොටසක් තාවකාලිකව වැසේ

0
10

බොරැල්ල පොලිස් වසමට අයත් ඩී. එස්. සේනානායක මංසන්ධියේ කොළඹ දෙසට ඇතුළුවන මංතීරුවේ කොටසක් ඊයේ (20) රාත්‍රී 10.00 සිට තාවකාලිකව වසා තැබෙන බව පොලිසිය මහජනතාවට සහ රියදුරන්ට දැනුම් දෙයි.

එම මංතීරුවේ පිහිටි මළාපවහන පද්ධතියක් පිටාර ගැලීම හේතුවෙන්, එහි හදිසි පිළිසකර කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

පිළිසකර කිරීමේ කටයුතු අවසන් වන තෙක් රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී:

  • වැලිකඩ දෙස සිට පැමිණෙන වාහන: ආයුර්වේද හන්දියෙන් කොටා පාරට පිවිස බොරැල්ල දෙසට ගමන් කළ හැකිය.

  • වෙනත් විකල්ප මාර්ගය: මොඩල් ෆාම් හන්දියෙන් පරණ බුලර්ස් පාර ඔස්සේ කනත්ත වටරවුම දෙසට ගමන් කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here