අමෙරිකාව සමග ගිවිසුමකට එළැඹීමට නම් ප්‍රහාර යළි සිදු නොවන බවට ස්ථිර සහතිකයක් අවශ්‍යයි – ඉරාන විදේශ අමාත්‍ය

0
10

වත්මන් ගැටුම්කාරී වාතාවරණය හෝ පවතින අවහිරතා සමනය කර ගැනීමේ අරමුණින් පමණක් අමෙරිකාව සමග කිසිදු ගිවිසුමකට එළැඹීමට ඉරානය සූදානම් නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ඕනෑම ගිවිසුමක් හරහා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කරන ප්‍රහාර යළිත් සිදු නොවන බවට ස්ථිර සහතිකයක් ලබා දිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here