ග්‍රාමීය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන පාසල් ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, බදුල්ල ධර්මදූත විද්‍යාලයේ සහ මහියංගනය රිදීමාලියද්ද විද්‍යාලයේ නව ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ (10) සිදු විය.
කලාපීය ක්‍රීඩා යටිතල පහසුකම් උසස් මට්ටමකට නැංවීමේ අරමුණින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ක්‍රීඩාංගණය සඳහා රුපියල් මිලියන 76.5 ක් ද, රිදීමාලියද්ද විද්‍යාලයේ ක්‍රීඩාංගණය සඳහා රුපියල් මිලියන 79.8 ක් ද වැය කිරීමට නියමිතය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම මුල්ගල් තැබීමේ උත්සව පැවැත්විණි.

