පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද (26) අලුයම 4.00ට පමණ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එහි සේවයේ නියුතුව සිටි සේවකයින් 7 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුව තිබුණ ද, නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන්ට හෝ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැත.
සිද්ධියෙන් පසු සෞඛ්‍ය කාර්යමණ්ඩලය වහා මැදිහත් වී නේවාසික රෝගීන් ආරක්ෂිතව ඉවත් කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමටත් කටයුතු කර තිබේ.

